Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 17:15:13 Hours

රුසියානු නියෝජිතයා විසින් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයේ යොදාගනු ලබන උපකරණ පිළිබඳ පැහැදිලි කරයි

බණ්ඩාරනායක අනුස්මරණ ජත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බ්‍රහස්පතින්දා (29) දින පැවති ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ අවසන් සැසියේදී ‘විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය තුළ හමුදා ක්‍රියාකාරීත්වය’ පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදාවේ ඉලෙක්ට්‍රෝනික යුධ උපක්‍රම අංශයේ කණ්ඩායම් ප්‍රධානී කර්නල් පවෙල් වැලරිවිච් (Colonel Chernishov Pavel Valerievich) සිය දේශනය සිදුකරමින් අනාගත යුද්ධයන්හිදී විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය භාවිතා කරන ආකාරය පෙන්වා දෙන ලදී.

එහිදි සිදු කළ කෙටි විශ්ලේෂණයේ දී, එතුමන් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය තුළ හමුදාමය බලය භාවිතා කිරීම සහ එය ඉලෙක්ට්‍රොනික යුද්ධයේ අංශයක් ලෙස භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ විස්තර කළේය.

“ගුවන්විදුලි සංඛ්‍යාත පරාසයන් කළමනාකරණය කිරීම සහ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන සන්නිවේදන පද්ධතිවලට අනුකූල වන පරිදි හමුදා මෙහෙයුම්වල ඵලදායීතාවය සඳහා ජාත්‍යන්තර රෙගුලාසි ක්‍රියාත්මක කළ හැකි ආකාරය සැලකිලිමත් විය යුතු බව” එතුමන් තවදුරටත් පැවසීය.

විද්‍යුත් චුම්භක විකිරණ උපකරණ, විද්‍යුත් චුම්භක තරංග, යුද්ධ හමුදා ක්ෂේත්‍රයේ භාවිතා වන විවිධ විද්‍යුත් චුම්භක පරාසයන්, ඉලෙක්ට්‍රොනික් යුධ උපකරණ, ගුවන් විදුලි සංඛ්‍යාත පරාසයන් කළමනාකරණය කිරීම, ගුවන්විදුලි සංඛ්‍යාත පරාසයන් භාවිතය පිළිබඳ නිතීමය වශයෙන් ජාත්‍යන්තර නියාමනය සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව යනාදි කරුණු පිළිබඳ එතුමන් විසින් ආවරණය කරන ලදී. latest Running Sneakers | シューズ