Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 19:08:09 Hours

ජිනීවා හි ප්‍රතිපත්ති විශ්ලේෂකයකු විසින් කෘතීම බුද්ධිය සහ ස්වාධීන ආයුධ පද්ධතිවල බලපෑම් පිළිබඳ පැහැදිලි කරයි

ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ (GCSP) ගෝලීය අවදානම සහ ඔරොත්තුදීමේ ප්‍රධානී ස්විට්සර්ලන්ත ජාතික ආචාර්ය ජීන් මාක් රික්ලි (Dr. Jean-Marc Rickli) බ්‍රහස්පතින්දා (29) දින පැවැති ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය 2019’ හී අවසාන සැසියේදී ‘ස්වයංක්‍රීය ආයුධ පද්ධතිවල බලපෑම’ යන මාතෘකාව පිළිබඳව අවධානය යොමු කරමින් සිය දේශනය සිදු කරමින් කෘතිම බුද්ධිය, ස්වයංක්‍රීය ආයුධ පද්ධති, සමුහ වශයෙන් එකරාශිවිම, උපායමාර්ගික ස්ථාවරත්වයේ ඇති බලපෑම, සයිබර් අවධානය, ස්වයංක්‍රිය ආයුධ පද්ධති හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, රටවල් අතර ඇතිවන යුද්ධ සහ මෙහෙයුම්වල ලක්‍ෂණ පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

සිය විශ්ලේෂණයේ දී කරුණු එකින් එක ගෙන හැර දැක්වූ හෙතෙම “ස්වාධීනව නැගීසිටිමට ස්වාධීනව නිර්මාණය කිරීමේ හැකියාව සහ ලෝක ස්භාවය හා පැවැත්ම පිළිබඳ දැනුම හා අවබෝධයන් තුළින් නව අරමුණු ලඟාකරගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් අතරින් තෝරාගත් පද්ධතියක් අත්‍යාවශය වේ” යනුවෙන් පැවසීය. Running sports | nike air max 95 obsidian university blue book list