Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 17:27:19 Hours

ස්වාධීන පර්යේෂකයෙකු ආසියා පැසිෆික් කලාපය සඳහා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිර්දේශ ඉදිරිපත් කරයි

‘කොළඹ ආරක්‍ෂක සමුළුව - 2019’ හි පළමු සැසිවාරයට සහභාගී වූ ස්වාධීන පර්යේෂකයෙකු වන තුර්කියේ ආචාර්ය ඇන්ඩ්‍රියා ස්ටොයින් කරඩෙලි (Andreea Stoian Karadeli) මහත්මිය ද ‘ආසියා පැසිෆික් ආරක්‍ෂක භූ දර්ශනය’ යන මාතෘකාව යටතේ සිය දේශනය සිදුකරමින් ‘ප්‍රතිපත්ති මාර්ගෝපදේශ’ පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදු කළාය.

සිය දේශනයේදී, ‘ආසියානු පැසිෆික් ආරක්‍ෂක භූ දර්ශනය තක්සේරු කිරීම’, ‘ආසියානු පැසිෆික් කලාපයේ හා යුරෝපා සංගමයේ ක්‍රියාකරුවන්ගේ භූමිකාව පිළිබඳ සාකච්ඡා කිරීම - යුරෝපා සංගමය’, ‘ආසියා පැසිෆික් ආරක්‍ෂක භූ දර්ශනයේ තවදුරටත් සිදුවන වර්ධනයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති නිර්දේශ ලබාදීම’ යන තේමාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කල ආචාර්ය ඇන්ඩ්‍රියා ස්ටොයියන් කරඩෙලි (Andreea Stoian Karadeli) මහත්මිය භූ දර්ශනය පිළිබඳව පුළුල් ඇගයීමක් ද සිදු කළාය.

මෙහිදී, භූ දර්ශනය තක්සේරු කිරීමෙන් අනතුරුව ඇය විසින් අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර ගෝලීය ආරක්‍ෂක භූ දර්ශනය සඳහා ආසියා පැසිෆික් ආරක්‍ෂක භූ දර්ශනයෙහි වැදගත්කම මෙන්ම ආසියා පැසිෆික් ආරක්‍ෂක භූ දර්ශනයේ ප්‍රධාන අංග, ආසියා පැසිෆික් ආරක්‍ෂාවට ඇති තර්ජන, ආසියා පැසිෆික් කලාපයේ කලාපීය ආරක්‍ෂක නිර්මාණ ශිල්පය වෙනුවෙන් යුරෝපා සංගමය සතු කාර්යභාරය සහ ප්‍රතිපත්ති නිර්දේශයන් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සිය දේශනය තුළින් ඉදිරිපත් කළාය. Asics footwear | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify