Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 18:36:18 Hours

“අයි.එස් ත්‍රස්තයින්ට ඔවුන් සිටින ස්ථානයේ සිට ක්‍රියාත්මකවීමට අවශ්‍යයි” පර්යේෂකයෙක් පවසයි

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි දැනට පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2019’ හි පළමු සැසිවාරයේ දී ‘දකුණු ආසියාවේ ආරක්ෂක භූ දර්ශනය’ යන තෙවන තේමාවට දායකවෙමින් අන්තර්ජාතික අධ්‍යයනයන් සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ පර්යේෂකයකු ලෙස සපැමිණි නිරුතන් නිලන්තන් (Niruthan Nilanthan) මහතා සිය දේශනයේ දී “අයි.එස් ත්‍රස්තයින් දැන් සිදුකරනුයේ ඔවුන් සිටින ස්ථානයේ සිට ක්‍රියාත්මක වීමයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ හිතවතුන් සමඟ ක්‍රියාත්මක වී ත්‍රස්ත ප්‍රහාර දියත් කිරිමටයි. එමෙන්ම 2014 වර්ෂයේ සිට ඔබ සහ ඔවුන් අතර චර්යා රටාවන් සමීපව විශ්ලේෂණය කරන විට, ඔවුන්ගේ ක්‍රියාකාරකම් දකුණු ආසියානු කලාපයේ පැතීරි යන තර්ජනයක් බවට පත්වෙමින් තිබෙන බව අපට පෙනේ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී, විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ පවත්නා පුළුල් පරාසයක් ආවරණය කරමින් භූ දේශපාලනික සාධක (රාජ්‍ය විරෝධය, භෞමික ගැටළු), තාක්ෂණික සාධක (යුද්ධයේ නව නවීන යුද ශීල්ප හා නැගී එන තාක්ෂණය), පාරිසරික සාධක (දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව) සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරින් (ත්‍රස්තවාදය, ජාවාරම්) පිළිබඳ එතුමන්ගේ දේශනයේදී වැඩි අවධානය යොමු කරන ලදි. buy footwear | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp