Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 19:09:48 Hours

“අන්තවාදී මතවාදයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා මඟපෙන්වීමට ඉස්ලාමීය විද්වතුන් වෙනුවෙන් කවුන්සිලයක් පිහිට විය යුතුයි” පර්යේෂණ සාමාජිකයෙකු පවසයි

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සාමාජිකයෙක් වන ආචාර්ය චූලනි අත්තනායක මහත්මිය ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින ‘ත්‍රස්තවාදයට එරෙහි වීම’ යන උප මාතෘකාව යටතේ ‘ශ්‍රී ලංකාව : 2019 න් පසු දශකය’ යන මාතෘකාවට දායක වෙමින් ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ දී දේශනයක් සිදුකරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇය එම මාතෘකාවට අදාළ උදාහරණ සිංගප්පූරුව වැනි රටවලින් ලබා ගත හැකි බවත් ස්වේච්ඡා ආගමික විද්වතුන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් විසින් සිංගප්පූරුව කේන්ද්‍ර කර ගනිමින් ආගමික පුනරුත්ථාපන කණ්ඩායමක් පිහිටුවා ගෙන ඇති බවත් සඳහන් කළාය. එමෙන්ම එකී ආගමික කණ්ඩායම ඉස්ලාමීය ආගමික කවුන්සිලය, ඉස්ලාමීය විද්වතුන් මෙන්ම ආගමික ගුරු සංගමය වැනි මුස්ලිම් ආගමික සංවිධාන සමඟ කටයුතු කරන බවද පැවසූවාය. එය දැඩි මතදාරින්ට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් මග පෙන්වීමට මෙන්ම තොරතුරු සංවර්ධනය කිරීම සඳහා පිහිටුවා ගෙන ඇති බවත් ශ්‍රී ලංකාවට ද එවැනි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුරටත් සලකා බැලිය හැකි බව ද ඇය එහිදී සඳහන් කළාය.

එහිදී, ලෝක ඉතිහාසයට නැවුම් අත්දැකීමක් එක් කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා හමුදාව පැසසුමට ලක් කරමින් අදහස් දක්වමින් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක් එකදූ ත්‍රස්ත ක්‍රියාවක්වත් නොමැතිව ශ්‍රී ලංකා හමුදාව තවත් දශකයක් පුරා සාමය පවත්වා ගෙන ගිය ආකාරය පිළිබඳ ඇය අගය කළේය.

සමකාලීන ලෝකයේ හමුදාමය උපක්‍රම මගින් ත්‍රස්තවාදය පරාජය කළ එකම රට බවට පත්වීමෙන් 2009 දී ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයට එක්විය. එල්ටීටීඊය ත්‍රස්තවාදීන් ගොඩබිම සහ මුහුදු බලය ඵලදායී ලෙස භාවිතා කිරීමේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් හමුදාවට පරාජය කළ නොහැකි බව එදා පැවති පොදු එකඟතාවක් විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ හමුදාව - ඔවුන් තුළ ඇති සීමිත සම්පත්, ප්‍රශංසනීය කුසලතා සහ උපාය මාර්ගයන් භාවිතා කරමින් - ලෝකයේ කුරිරු ත්‍රස්තවාදී කණ්ඩායම් වලින් එකක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළේය. affiliate tracking url | Sneakers