Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 22:12:50 Hours

“නූතන යුද්ධයට ආරම්භක දිනයක් හෝ අවසන් දිනයක් නොමැත” - ප්‍රධාන දේශනය

කොළඹ ආරක්‍ෂක සමුළුවේ ආරම්භක දේශනය හවායි හි ආරක්‍ෂක අධ්‍යයනය සඳහා වූ ආසියා-පැසිෆික් මධ්‍යස්ථානයේ ආදී ශිෂ්‍යයකු වන මාධ්‍ය ව්‍යවසායකයකු, උපායමාර්ගික කටයුතු විශ්ලේෂකයකු මෙන්ම හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ කර්තෘ නිතින් ඒ ගොඛ්ලේ (Mr.Nitin A. Gokhale) මහතා සිය දේශනය සිදු කරමින් දුර්වල රාජ්‍යයන් තුළ සෑමවිටම අසමමිතික යුද්ධයන් දැකගැනීමට ලැබෙන අතර එම යුද්ධයන්හී ප්‍රවේශයන් සඳහා සම්ප්‍රදායික මූලික සාරධර්ම අදාළ නොවන බව පෙන්වා දුනි.

ඒ අනුව බාහිර තර්ජනවලට එරෙහිව සටන් කිරීම සහ බාහිර අභියෝගයන්ට මුහුණ දීම යන කරුණු ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතුවන සාම්ප්‍රදායික මතිමතාන්තරයක් වන අතර එබැවින් සැමවිටම ජාතික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික වටිනාකම ආරක්‍ෂා කිරීම සඳහා බලය යෙදවීම විවිධාකාර වේ. එමෙන්ම ඉවසීම ජාතික ආරක්‍ෂාව ලෙස අර්ථ දැක්වේ.

මෑත වසරවලදී, ජාතික අනාවරණය සහ ජාතික ආරක්‍ෂාව පරිවර්තනයන් කිහිපයකට භාජනය වී ඇති අතර එහි විෂය පථය පුළුල් වීම හේතුවෙන් එය තවදුරටත් අසල්වැසි රාජ්‍යයන්හි හමුදා බලයට තුලනය වන පරිද්දෙන් සීමානොවේ, ඒ අනුව ආරක්‍ෂක විශේෂඥයන් ජාතික ආරක්‍ෂාව යන්න වැඩිදුරටත් නිර්වචනය කිරිම සඳහා පුළුල් පරාසයක් ඔස්සේ පැතිර ඇති විවිධ සංස්කෘතික ප්‍රවේශයන් හා බහු මානයන් ඔස්සේ කථාකිරිම ආරම්භ කර ඇත.

ඉකුත් දශක දෙකක කාළ සීමාව තුළ, සැබවින්ම මනා ලෙස සංවිධානය වු රාජ්‍ය නොවන සන්නද්ධ ක්‍රීයාකාරින් බිහි වූ අතර, ඔවුන් ආරක්‍ෂක කටයුතුවලට සම්බන්ධ වූ බව පොදුවේ දැකගත හැකිවිය. එවැනි තත්වයක් තුළ, එක් එක් රාජ්‍යයන්ට නිශ්චිත සීමාවන් අනාවරණය කිරීම හෝ ප්‍රතිචාර දියත් කිරීම දුෂ්කර වන අතර “එම අසමමිතික අභියෝගයන්ගෙන් බොහෝමයක් 1990 දශකය වන තුරුම ලෝක ගතිකතාවයන් විසින් ව්‍යාකූල කර තිබූ දුර්වල රාජ්‍යයන්ගෙන් ඉස්මතු වී ඇති බව දැකගත හැකිවිය.

සාම්ප්‍රදායික යුධ පිටියේ මෙම නව යථාර්ථය තුළ ගෝලීය ත්‍රස්ථවාදී ජාලයන් පැන නැගීමට සම්බන්ධ අනෙකුත් කරුණු තවදුරටත් ‘මෙහෙවර ජයග්‍රහණ’ (mission victories) වෙත මාරු නොකෙරෙන අතර ගැටුම්කාරී තත්ත්වයන් තුළ ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ආකාරයට මෙන්ම මෙය ද වඩාත් පැහැදිලිව දැකගැනීමට හැකියාව තිබේ. ඒ අනුව ‘බොකෝහාරම්’ හා සමාන අයිඑස් අයිඑස් වැනි ත්‍රස්තවාදී සංවිධාන වෙතින් විධිමත් යටත් වීමක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. ” Nike footwear | GOLF NIKE SHOES