Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2019 15:50:02 Hours

අරලගංවිල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව මල්දෙණිය, කානිච්චගල, මාන්කේනි, පනිච්චන්කේනි සහ වාකරේ ප්‍රදේශයේ පදිංචි සිසුසුන් 400 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.

ඒ අනුව, ප්‍රතිලාභීන් සියලුදෙනා අරලගංවිල නගරයට කැඳවා මෙම පාසල් උපකරණ තොගය බෙදාදෙන ලදී.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇල්විටගල ගේ ඉල්ලීමකට අනුව කොහුවල පදිංචි ඉදුනිල් මායාදුන්න මහත්මීය සහ සරත් මායාදුන්න මහතාගේ මූල්‍යමය අනුග්‍රය ඇතිව මෙම පාසල් උපකරණ තොගය බෙදාදෙනු ලැබීය. මෙම ව්‍යාපෘතිය 233 වන බලසේනාවේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබීය. affiliate link trace | NIKE AIR HUARACHE