Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2019 15:45:02 Hours

විජයබාහු මොටර්ක්‍රොස් තරඟාවලියට ධාවකයින් 125 කට අධික ප්‍රමාණයක් සහභාගි වෙයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ වාර්ෂික ව්‍යාපෘතිවලින් එකක් වන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2019’ ඉකුත් ඉරිදා (25) දින 17 වන වරටත් බෝයගනේ විජයබාහු මෝටර් රථ ධාවන පථයේ දී ප්‍රේක්‍ෂකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෝටර්ක්‍රොස් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහභාගි වූ අතර සම්භාවනීය ආරාධිතයෙකු ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගී විය. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිතයින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ජපානය, තායිලන්තය සහ ඉන්දියාව නියෝජනය කරමින් ධාවකයින් කිහිපදෙනෙකු සහ ජාත්‍යන්තර මට්ටමේ දේශීය ධාවකයින් 125 ක් මෙවර තරඟාවලිය සඳහා එක්වූහ.

තරඟ ඉසව් 13 කින් සමන්විත මෙවර තරඟාවලියේ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලානය’ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මදුර පීරිස් විසින් හිමිකරගත් අතර ‘රෙජිමේන්තු අධිපති අභියෝගතා කුසලානය’ ජපන් ජාතික ක්‍රීඩකයෙකු විසින් හිමිකරගත්හ.

‘විජයබාහු මොටෝක්‍රොස් - 2019’ තරඟාවලියෙන් රැස් කරන ලද අරමුදල් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සුභසාධන ව්‍යාපෘති සඳහා යොදාගනු ලැබේ. latest Nike Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet