Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2019 11:06:07 Hours

ගුරුනගර් වෙරළ තීරය පිරිසිදු කරයි

‘රට වෙනුවෙන් එකට සිටිමු - 2019’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඉකුත් සිකුරාදා (23) දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

කුණු කසළ හා අනෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වූ යාපනය, ගුරුනගර් වෙරළබඩ ප්‍රදේශය මෙලෙස පිරිසදු කරනු ලැබීය.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම්, යාපනය නගරාධිපති, 512 වන බලසේනාවේ බලසේනාධිපති, වේළුසුමන නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, යුද්ධ හා නාවික හමුදා භටපිරිස්, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, යාපනය නගර සභා නිලධාරීන්, වෙරළ ආරක්‍ෂක නිලධාරීන්, පාසල් ශිෂ්‍යභටයින් සහ ප්‍රදේශවාසීන් එක්විය. url clone | New Jordans – Air Jordan 2021 Release Dates , Gov