Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2019 10:06:07 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ‘නවෝත්පාදන’ ප්‍රදර්ශනයේ දී නව තීන්ත ආලේපන කිරීමේ යන්ත්‍රය ශූරතාවය හිමිකරගනී

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්‍ෂතාවයන් හා නවෝත්පාදන හැකියාවන් ඔප්නංවමින් ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය 11 සහ 12 වන සේනාංකයන්හි භටපිරිස් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘නවෝත්පාදන’ ප්‍රදර්ශනය ඉකුත් සිකුරාදා (23) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ටෝච් සිනමා ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් ඇතුළු සේනාංක, බලසේනා, ඒකක හා පුහුණු පාසල් නියෝජනය කරන යුද්ධ හමුදා සාමාජිකයින් මෙම ‘නවෝත්පාදන’ ප්‍රදර්ශනය සඳහා නව නිර්මාණ 31 ක් ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රදර්ශනය මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එස්.එම්.එස්.පී.බී. සමරකෝන් විසින් විවෘත කරන ලදී. මෙම නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් නව නිර්මාණ 12 ක් ඉදිරිපත් කරන ලදී.

මෙම නවෝත්පාදන ප්‍රදර්ශනයේ තේරීම් කමිටුව සඳහා ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.පී.ආර්.ඊ. කාලිදාස මහතා, ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.ටී.අයි විමලදාස මහත්මීය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ ලුතිනන් කර්නල් ගුණසේන ඇතුළත් වූහ.

මෙම නවෝත්පාදන ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය සහ ශූරතාවය අඩු වියදමකින් වාහන සහ ගොඩනැගිලිවල තීන්ත ආලේපනය කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කළ 10 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ඩි.ඒ.සී. කුමාර විසින් හිමිගන්නා ලදී. Running Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp