Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2019 09:03:19 Hours

651, 652 සහ 653 වන බලසේනාවන්හි භටපිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651, 652 සහ 653 වන බලසේනාවන්හි භටපිරිස් අගෝස්තු මස 11 සිට 13 දක්වා දිනයන්හි එම බලප්‍රදේශයන්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී.

ඒ අනුව, 651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අධික ලෙස පරිසර දූෂණයට ලක්ව ඇති කාරියාලනාගපඩ්ඩුවාන් ධීවර සමිති පරිශ්‍රය සහ කාරියාලනාගපඩ්ඩුවාන් වේරවන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. එමෙන්ම, 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් අක්කරායන්කුලම් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මීට අමතරව, 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තුනුක්කායි ආයුර්වේද මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම ශ්‍රමදාන ව්‍යාපෘතින් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් 40 කට වැඩිපිරිසක් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සංවිධානය කරනු ලැබීය. Nike shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ