Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2019 08:03:19 Hours

මධ්‍යම භටපිරිස් කුඹල්වෙල ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹල්වෙල ප්‍රදේශයේ පිහිටි ඇල්ල රක්‍ෂිතයේ ඉකුත් සිකුරාදා (23) දින හදිසියේ ඇතිවු ලැව් ගින්න පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේ සහ ස්වෙච්ඡා සේවකයින්ගේ සහයෝගය ඇතිව එම ගින්න මැඩපැවැත්වීමට සමත්වීය.

මේ පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම යටතේ එම ගින්න මැඩපැවැත්වීම සඳහා භටපිරිස් කඩිනමින් යොදවනු ලැබීය. Best jordan Sneakers | Sneakers