Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2019 20:01:56 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ස්කොෂ් ක්‍රීඩාගාරයක් විවෘත කරමින් යුද්ධ හමුදාවේ ක්‍රීඩාවට නව ප්‍රවේශයක් එක් කරයි

හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීමට සමගාමීව, ඉකුත් සිකුරාදා (23) දින සිය රෙජිමේන්තුව වන මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ස්කොෂ් ක්‍රීඩාගාරය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

මෙම ක්‍රීඩාගාරය විවෘත කිරීම අතරතුරදී,  22 වන යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක ස්කොෂ් ක්‍රීඩා අංගණයන් 2 ක් ආරම්භ කල අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රමදායකත්වය දැක්වූ 4 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයින් ඇගයූමට ලක් කරන ලදී.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපතිවරුන්, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, හිටපු කර්නල් සේනාවිධායකවරුන්, ඉංජිනේරු රෙජිමේන්තුවේ ස්කොෂ් ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙසුනිලයින් රැසක් ද සහභාගී වූහ. Running sport media | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5