Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2019 11:02:23 Hours

තවත් ළමුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ තවත් පෙර පාසල් ළමුන් කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් ලබාදුන්හ. අලවෙඩ්ඩි ප්‍රදේශයේ කුඹලාවලෙයි පුද්ගලික පෙර පාසලේ සිසුන් 20 දෙනෙකු සිය ගුරුවරුන් හා දෙමාපියන් සමඟ පාලාලි ගුවන්තොටුපලේ සංචාරයක නිරතවෙමින් ගුවන් තොටුපල පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට සමත් වූහ.

මෙම සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය. ආරක්‍ෂක හමුදා මූලස්ථානය විසින් ඔවුන්ට කෙටි ආහාරවේලක් ද පිරිනමන ලදී. Sneakers Store | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf