Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2019 15:01:56 Hours

12 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධිකරණයෙන් වියළි සලාක පාර්සල් තොගයක් බෙදාදෙයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකයේ භටපිරිස්හී සම්බන්ධිකරණයෙන් ඉකුත් අඟහරුවාදා (20) දින තිස්සමහාරම, වීරවිල පෙර පාසලේ ළමුන්ගේ දෙමාපියන් වෙත වියළි සලාක පාර්සල් 100 ක් එම ප්‍රදේශයේ පරිත්‍යාගශීලි කේ.එස්. කන්දරාජා මහතාගේ අනුග්‍රහකත්වය ඇතිව බෙදාදෙන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් මත එම භටපිරිස්හි සම්බන්ධිකරණයෙන් ප්‍රතිලාභීන් පෙරපාසල් පරිශ්‍රය වෙත කැඳවා වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

මෙම වියළි සලාක පාර්සල්, සහල්, කරවල, වියළි මිරිස්, මුං ඇට, කඩල, තේ කොළ, පොල්, පරිප්පු ආදියෙන් සමන්විත විය.

මෙම අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති, 122 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගී වූහ. Running sports | NIKE