Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2019 11:03:30 Hours

චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, හිටපු ක්‍රිකටි ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මෙන්ම ‘ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ’ අනුර එළියපුර යන මහත්වරුන්ගේ සහාය ඇතිව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් තිරුවේගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ ඉදිකිරීමේ කටයුතු සහ අලගල්ල, ඉරට්ටපෙරියකුලම් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබීය.

ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සහ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (20) දින මෙම වටිනා ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා මූල්‍යමය දායකත්වය සපයන ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, හිටපු ක්‍රිකටි ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මෙන්ම ‘ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ’ අනුර එළියපුර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම සුප්‍රසිද්ධ විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට වැඳුම් පිදුම් කිරීම සඳහා චෛත්‍යයක් ඉදිකිරීම දිගුකාලීන අවශ්‍යතාවයක් ලෙස පැවතිණි. මෙම අවශ්‍යතාවය පිළිබඳ තිරුවේගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිපතිතුමන් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය මෙම දායකයින් සමඟ එක්ව මෙම ව්‍යාපෘති දියත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය. එමෙන්ම, මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම, චෛත්‍යය ඉදිකිරීම් ව්‍යාපෘතියට සමගාමීව දියත් කරන ලද තවත් සමාජ සුභසාධන ව්‍යාපෘතියක් වන අතර එයට ද මෙම දායකයින් මූල්‍යමය අනුග්‍රහය දක්වනු ලබයි.

විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ සහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිතුමන් නියෝජය කරමින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ සහභාගී විය.

තවද, මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය නියෝජනය කරමින් සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් ලාල් කිත්සිරි, 211 වන බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් චමින්ද දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයෙහි බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ. Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff