Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2019 10:03:30 Hours

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් මුදන්නායක රාජකාරී අරඹයි

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සිකුරාදා (23) දින කොළඹ 04 හි පිහිටි පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, සිය කාර්යාලයේ දී පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

එමෙන්ම, මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක ධූරය ද හොබවනු ලබයි. නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සිය කාර්යමණ්ඩලය ඇමතීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රයකට ද එක්විය.

මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක මීට ප්‍රථම ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති ලෙස රාජකාරී කළ අතර පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරී කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන යුද්ධ හමුදා දිවියෙන් නික්මයාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. trace affiliate link | Sneakers