Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2019 07:10:50 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවට අයත් ඒකක අණදෙන නිලධාරීන් සමඟ අණදීමේ කාර්යභාරයන් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණය ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) දින කොස්ගම පිහිටි ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරමින් අණදෙන නිලධාරීන් 82 කු සහභාගි වූ අතර එහිදී, විශේෂිත රාජකාරි කාර්යභාරයන් හා අදාළ අනෙකුත් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී.

තවද, මෙම අන්තර් ක්‍රියාකාරී සැසියේදී අණදෙන අධිකාරියේ වැඩිදියුණු කිරීමට අවැසි විවිධ පැතිකඩ හා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පැහැදිලි කළේය. Sneakers Store | New Releases Nike