Header

Sri Lanka Army

Defender of the Nation

21st August 2019 19:05:50 Hours

නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් සමඟ සුහද සාකච්ඡාවක නිරතවේ

සිය ධූරයෙන් නික්මයන යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (20) දින මධ්‍යහනේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී සුහද සාකච්ඡාවක නිරතවිය.

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟ පැවති සුහද සාකච්ඡාව අතරතුරදී, නික්මයන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශිෂ්ට සේවය අගය කරමින් ජනාධිපතිතුමන් අනාගත සියලු බලාපොරොත්තු වෙනුවෙන් එතුමන් වෙත සුභපැතුම් ද පිරීනමනු ලැබීය. තවද, ජෙනරාල් සේනානායක සිය ධූර කාලය තුළ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් දැක්වූ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කර සිටියේය.

මෙම සුහද හමුව අවසානයේදී, නික්මයන යන යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත විශේෂ සමරුතිළිණයක් පිළිගන්වනු ලැබීය. Best Authentic Sneakers | NIKE