Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2019 22:36:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සංචාරයක

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.සී.පී.කේ විතානගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මෙන්ම භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන ඉකුත් සඳුදා (19) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මූලස්ථානය පරිශ්‍රයට සපැමිණි කර්නල් සේනාවිධායක තුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර ඉන් අනතුරුව, එම මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද සියලුනිල පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණය එතුමන් විසින් විවෘත කරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් නවතමයෙන් ඉදිකරනු ලැබු ගොඩනැගිලි සංකීර්ණයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා ද සහභාගි විය. ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායකතුමන් කොනොනි සමාජ ශාලාවේ දී එම ඒකකයේ භටපිරිස් අමතනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ.එල්. ඉලංගකෝන් ඇතුළු එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.best shoes | Nike Running