Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2019 13:16:50 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මූලතිව් ප්‍රදේශයේ සිදුකල සංචංරයේ දී නිලධාරී නවාතැන් පහසුකම් විවෘත කරයි

6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.ඩබ්ලිව්. රූපසිංහ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මෙන්ම භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින මූලතිව් ප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

මූලස්ථානය පරිශ්‍රයට සපැමිණි කර්නල් සේනාවිධායක තුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර ඉන් අනතුරුව, එම මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරී නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ල එතුමන් විසින් විවෘත කරන ලදී.

කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රයකට සහභාගිවූ එතුමන් භටපිරිස් ද අමතනු ලැබීය. latest Running Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp