Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2019 13:17:35 Hours

යාපනය රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 101 දෙනෙකු රුධිරය පරිත්‍යාග කරයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමඟාමීව, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සේන වඩුගේ ගේ මඟපෙන්වීම යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින එම සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් රුධිරය පරිත්‍යාග කරන ලදි.

52 වන සේනාංක මූලස්ථානයේ පැවති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේ දී, යාපනය ශික්‍ෂණ රෝහලෙන් පැමිණි වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත යුද්ධ හමුදා සාමාජිකයින් 101 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රුධිරය පරිත්‍යාග කළහ. Sports brands | Nike