Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2019 19:48:45 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රථිකාර ලබන අයවළුන් හට නව අවුරුදු තිළිණ ප්‍රධානය කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිනිය සමඟ එක්ව නව අවුරුද්දේ අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ නේවාසික ප්‍රථිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සංචාරයක නිරත විය.

මිහිඳු සෙත් මැඳුරෙහි ආඥාපති ලුතිනන් කර්නල් ජීවක ගුණතිලක සහ නේවාසිකයින් දෙදෙනෙකු විසින් යුද්ධ හමුදාධිපති ඇතුළු පිරිස පිළිගැනීමෙන් පසුව මිහිඳු සෙත් මැඳුරෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන සහ පුණුරුත්තාපණය වන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා කැටුව යන ලදි.

ඉන් අනතුරුව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, චන්ද්‍රිකා සේනානායක මැතිනිය සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධනී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මිහිඳු සෙත් මැඳුරෙහි නේවාසික රණවිරුවන් හට නව අවුරුදු තිළිණ පිරිනමනු ලැබනි.

කඳවුර වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නේවාසික රණවිරුවන් 41 දෙනෙකු සමඟින් සුහඳ පිළිසඳරක නිරත වී ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් නව අවුරුදු සුභපැතුම් හුවමාරු කරගනු ලැබූ අතර, අනතුරුව චන්ද්‍රිකා සේනානායක මහත්මිය සේවා වනිතා ඒකකය නියෝජනය කරමින් නේවාසික රණවිරුවන් හට අත්‍යවශ්‍ය උපකරණ තොගයක් බෙදා දුන්හ.  

මෙම අවස්ථාවේදී පුණූරුත්තාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රාජකරුණා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංචාරය අගය කිරීමක් වශයෙන් සමරු තිළිණයක් පිරිනමනු ලැබිනි.

මෙම යුද්ධ හමුදාධිපතිගේ සංචාරය අතරතුරදී යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් මිහිඳු සෙත් මැඳුරෙහි නේවාසික රණවිරුවන් හට ත්‍යාග පිරිනමනු ලැබිනි. Nike sneakers | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth