Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2019 21:24:02 Hours

ත්‍රිවිධ හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් අදාළ මෙහෙයුම් කටයුතු පිළිබඳ විස්තර කරයි

යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දිවයින පුරා පැතිර යන කටකතා සහ මහජනතාව නොමග යවන අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර දිවයින යථා තත්ත්වයට පත්කර නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන ආරක්‍ෂක මෙහෙයුම් සඳහා සහය ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙම මාධ්‍ය හමුව අමතමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ගේ සහ පොලිස් අධිකාරීවරුන්ගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 15 ක් මේ වන විට ප්‍රශ්ණ කිරීම් සහ පරීක්‍ෂණ පවත්වමින් සිටින බව ප්‍රකාශ කරනු ලැබිනි. පසුගිය බ්‍රහස්පතින්දා (25) දින සවස් කාලය වන විට පොලීසිය සහ අනෙකුත් නියෝජිත ආයතන වල සහයෝගයෙන් සැකකරුවන් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ අංක 118 දුරකථන අංකය ඔස්සේ හෝ අංක 011-2322485 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය අමතා ඕනෑම පුද්ගයයෙකුට සැක කටයුතු සංවිධාන හෝ පුද්ගයන් පිළිබඳ තොරතුරු සැපයීමට අවස්ථාව ඇති බවයි.

ඉන් පසුව යුද්ධ හමුදාව වෙනුවෙන් අදහස් දක්වමින් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හදිසි නීති රෙගුලාසී පැනවූ පසුව යුද්ධ හමුදා සාමාජිකයින් 10,000 ක් පමණ දිවයින පුරා විවිධ මෙහෙයුම් කටයුතු වල නිරත වන බව ප්‍රකාශ කරනු ලැබිනි. ඇති වී තිබෙන ඛේදවාචකය අභියෝගයක් ලෙස ගෙන මෙම අමානුෂික ත්‍රස්ථවාදය වැළැක්වීම සඳහා ආරක්‍ෂක හමුදා සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඔහු ඉල්ලා සිටිනු ලැබිය. තව දුරටත් ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ ඍණාත්මක බලපෑම් ඇති කරන කටකතා සහ මහජනතාව නොමග යැවිය හැකි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි. ඕනෑම හදීසි අවස්ථාවකදී 011-2434251, 011-4055105, 011-4055106, 0766911640 යන දුරකථන ඔස්සේ යුද්ධ හමුදාව ඇමතිය හැකියාව ඇත.බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අංශය : 011 2433335.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කරනු ලැබුවේ විවිධ මට්ටම් වල ආරක්‍ෂක කටයුතු සඳහා මහජනතාවගේ සහය අපේක්‍ෂා කරන බවයි. තවද, ධීවර කටයුතු සඳහා මුහුදු යාමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත,ලියාපදිංචි කිරීමේ අංක සහ වෙනත් අදාළ ලේඛන තමන් සතුව තබාගන්නා ලෙසට ධීවරයින්ගෙන් ඉල්ලා සිටින අතර, මසුන් මැරිමේ නීති විරෝධී ක්‍රමවේදයන් භාවිත කරනු ලබන ධීවරයින් සහ මුහුදු යාමේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන්නන් අත්අඩංගුවට ගනු ලබන බවද ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියහ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කරනු ලැබුවේ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මත්තල, රත්මලාන සහ කළුතර යන ගුවන්තොටුපළයන්හී ආරක්‍ෂාව තර කිරීමේ අපේක්‍ෂාවෙන් 1000 කට අධික ගුවන් නියමුවන් පිරිසක් මේ වන විට ආරක්ෂක රාජකාරි වල යෙදී සිටින බවයි. එසේම, දුම්රිය ස්ථාන, ගුවන් තීරු, පොදු ස්ථාන ආදී අවධානම් ස්ථාන සඳහාද  ගුවන් හමුදා භටයින් ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බව ඔහු කියා සිටීයහ. Best Authentic Sneakers | AIR MAX PLUS