Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2019 21:03:24 Hours

යුද්ධ හමුදා භටපිරිස් ජංගම මුර සංචාර, ස්ථානීය මුර රාජකාරී, රථවාහන පරීක්‍ෂා කිරීම් ඇතුළු සෝදිසි මෙහෙයුම් රැසක

නිකුත් කල ගැසට් නිවේදනයෙන් පසුව දිවයින පුරා වරේන්තුවකින් තොරව සෝදිසි මෙහෙයුම් දියත් කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලතල සන්නද්ධ හමුදාවට ලබාදීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් සිය ගණනක් දිවයින පුරා ස්ථානගත කර ඇත.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත නිලධාරීන් 37 ක් සහ සෙසුනිලයින් 1783 ක් කටුවාපිටිය, මල්වාන, මිනුවන්ගොඩ, කොහුවල, කළුබෝවිල, දෙහිවල, මට්ටක්කුලිය, දෙමටගොඩ, පානදුර, බත්තරමුල්ල, රත්මලාන, කැස්බෑව, හංවැල්ල, පුත්තලම, වෙන්නප්පුව, දංකොටුව, කොස්වත්ත, බණ්ඩාරගම, හොරණ, කෑගල්ල, වරකාපොල, රත්නපුර, කුරුවිට සහ බලන්ගොඩ ආදී ප්‍රදේශයන්හී ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.

තවත් බොහෝ භටපිරිස් දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානයන්ට ආරක්‍ෂාව සැපයීම සඳහා මීගමුව, කොළඹ, රත්මලාන, දෙහිවල, කොලොන්නාව, රාජගිරිය, මහරගම, තලංගම, හලාවත, මාරවිල, කල්පිටිය, තලවිල, එළුවන්කුලම, දුම්මලසූරිය, කුරුණැගල, කුරන, කුලියාපිටිය, නිකවැරටිය, පොතුහැර, පොල්ගහවෙල, වාරියපොල, ගාල්ල, හිනිඳුම, ගින්තොට, හිරිඹුර, දෙවට, වැලිගම, මාතර, අතුරලිය, අකුරැස්ස, කොටපොල, හොරගොඩ, බලපිටිය, පනාපිටිය, ගොඩපිටිය, කපුවත්ත, බේරුවල, අළුත්ගම, පොල්කොටුව, කළුතර, ඉංගිරිය, ගුරුගොඩ, රඹුක්කනගම, කෑගල්ල, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොල, යටියන්තොට, දුම්මලදෙනිය, මාවනැල්ල, කොටියාකුඹුර, රුවන්වැල්ල, ඇහැලියගොඩ, බලංගොඩ, කහවත්ත, තුන්කාම, උඩවලව ආදී ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශයන්හි මේ වනවිට පා මුර සංචාර, රථවාහන මුර සංචාර සහ ස්ථානීය මුර සංචාරයන් ආරම්භ කර තිබේ.

තවද, දුම්රිය ස්ථාන, දේවස්ථාන, විහාරස්ථාන, විදුලි බලාගාර, රාජ්‍ය ගොඩනැගිලි, රෝහල්, හෝටල්, බස් නැවතුම්පොළවල්, රූපවාහිනී මධ්‍යස්ථාන, තෙල් ගබඩා සංකීර්ණ, ජල ස්ථම්භ, ජල පිරිපහදු මධ්‍යස්ථාන, මහාමාර්ග, පොදු වෙළඳපොළවල්, පාලම්, පොලිස්ථාන සහ අනෙකුත් සෑම අනාරක්‍ෂිත ස්ථානයන්වල ආරක්‍ෂාව තර කිරීම සඳහා පොලීසිය සන්නද්ධ හමුදාවන් සමඟ ඒකාබද්ධව පා මුර සංචාර දියත් කර ඇත.

මීට අමතරව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ අධීක්‍ෂණය යටතේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් 45 ක් සහ සෙසු නිලයන් 1136 ක් නැගෙනහිර පළාතේ මධ්‍යම ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කිරීම සඳහා ත්‍රිකුණාමලය, මඩකලපුව, කල්ලඩි, පූනානි, වාකරෙයි, තරවිකුලම්, අම්පාර, අක්කරෙයිපත්තු, කෝමාරි, පොතුවිල්, වවුනතිවු, මනම්පිටිය, තිරුක්කෝවිල්, මහඔය, මල්වත්ත, නිලාවේලි, තිරියාය, දෙහිවත්ත, කන්තලේ, වේරුගල, කින්නියා, මොරවැව, මූතූර්, කල්මුනේ, පාසිකුඩා සහ තෝපූර් ප්‍රදේශයන්හී වැදගත් ස්ථානවල ආරක්‍ෂාව සඳහා යොදවා ඇත. තවද, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු සේනාංක සහ බලසේනාවන්හි සේවයේ නියුතු භටපිරිස් මාර්ග බාධක, මුරපොළවල්, ජංගම මුර සංචාර සහ ස්ථානීය මුර රාජකාරි සඳහා යොදවා ඇත.

එමෙන්ම, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 52 ක් සහ සෙසු නිලයින් 970 ක් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගජසිංහපුර, කල්ලඩි, මාන්තොට්ටම්, පේසාලෙයි, කොක්එලිය, කනගරායකුලම්, නාවක්කුලම්, එච්චාන්කුලම්, වෙල්ලාන්කුලම්, නන්දිකඩාල්, පදවිය, කච්චානමරදමඩු, ගල්කුලම, වැලිඔය, හලඹවැව සහ වැදිවත්තකල්ලු ඇතුළු වන්නි ප්‍රදේශයේ වැදගත් ස්ථාන සහ ජනග්‍රහණය අධික ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය, රුවන්වැලිසෑය, බිෂෝප් නිවෙස්, මුස්ලිම් පල්ලි, කෝවිල්, ක්‍රිස්තියානි දේවස්ථාන ඇතුළු පූජනීය ස්ථානවල ආරක්‍ෂාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් යොදවා ඇති අතර අනුරාධපුරය, වවුනියා, තිසාවැව, විජයපුර, කලැත්තෑව, හිදෝගම, නෙළුබෑව, නාච්චදූව, ශ්‍රාවස්තිපුර, පුත්තලම් හන්දිය, පරණ බස් නැවතුම්පොළ, කැකිරාව, තන්තිරිමලේ, ගලෙන්බිඳුනුවැව, දුනුමඩලාව, නොච්චියාගම, මඩු හන්දිය, ඕමන්ත, පෙරියතම්පනෙයි, පූන්තොට්ටම්, පුලියන්කුලම් හන්දිය, කොකේලිය, ඉරප්පන්කුලම්, ඉච්චාන්කුලම්, නිකවැව, යකාවැව, හල්මිල්ලෑව, තල්ගහවැව, නොච්චිකුලම්, මරතෝදායි, තල්ගහවැව ආදී ප්‍රදේශවල ද ජංගම මුර සංචාර, රථවාහන සෝදිසි කිරීම් සහ ස්ථානීය මුර රාජකාරි සඳහා භටපිරිස් යොදවා ඇත.

එසේම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටෙත් ස්ථාපිත 57, 65 හා 66 වන සේනාංක සහ බලස්නාවන්හි සේවයේ නියුතු නිලධාරීන් 10 ක් සහ සෙසුනිලයින් 491 ක් කිළිනොච්චි නගරය, මාන්කුලම්, ධර්මපුරම්, පරන්තන්, ඉරනමඩු, පූනකරී, මල්ලවි, තුනුක්කායි, පූනරින්, වේරවිල්, අක්කරායන්කුලම්, අයියාන්කුලම් සහ අනෙකුත් ප්‍රදේශයන්හි ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.

එසේම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන සහ අනෙකුත් ප්‍රදේශයන්හි ආරක්‍ෂාව සඳහා පා මුර සංචාර, රථ වාහන සෝදිසි කිරීම් සහ ක්‍ෂණික මාර්ග බාධක යොදවා ඇත.

මේ අතර, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් 28 ක් සහ සෙසුනිලයින් 454 ක් විසින් යාපනය, කෝපායි, තෙලිප්පලෙයි, අලවෙඩ්ඩි, අච්චුවේලි, මුහමාලේ, යියකච්චි, කොඩිකාමන්, කීරමලේ, කන්කසන්තුරේ, අරාලි, කරෙයිනගර්, චාවකච්චේරි, චුන්නකාම්, නාවත්කුලීම්, කයිතඩි, එළුතුමඩ්ඩුවාල්, පලාලි, අලිමංකඩ, මරුතන්කේනි, අල්ලරායි, වල්ලායි, විදත්තපලේ, එල්ලන්කුලම්, වරිත්තවිල්ලාන් ඇතුළු අනෙකුත් වැදගත් ප්‍රදේශයන්හි ආරක්‍ෂාව පුළුල් කර ඇත.

මීට අමතරව, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් ස්ථානීය මුරපොළවල්, මාර්ග බාධක, රථ වාහන සෝදිසි කිරීම්, ජංගම මුර සංචාර සහ ස්ථානීය මුර රාජකාරි ඇතුළු දිවා රාත්‍රි ආරක්‍ෂක කටයුතුවල නිරත සිටියි.

මුලතිව් අරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම බලප්‍රදේශය තුළ පිහිටි දේවස්ථාන, මුස්ලිම් පල්ලි, කෝවිල් ඇතුළු අනෙකුත් පූජනීය ස්ථානයන්හි ආරක්‍ෂාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇත.

ඒ අනුව, මුලතිව් නගරය, අලම්පිල් දකුණ, උඩුප්පුකුලම්, කල්ලාපාඩු, මුල්ලියාවේලි, කුලමුලිප්පු, පුදුමාතලන්, නන්දිකඩල්, උදයාර්කට්ටු, කොහොඹගස් හන්දිය, කෝකිලායි, වැල්ලෙයිවඩම් සහ වෙනත් විශේෂිත ප්‍රදේශයන්හි මුර සංචාර, ස්ථීර මාර්ග බාධක සහ ජංගම මුර සංචාර සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇත.

මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාකය, 12 වන සේනාකය, 111 වන බලසේනාව, 121 වන බලසේනාව සහ සියලු ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මහනුවර, බදුල්ල, දියතලාව, හැටන්, පස්සර, නානුඔය, නුවරඑළිය, මොණරාගල, දිගන, බලගොල්ල, තෙල්දෙණිය, අටබාගේ, පල්ලේකැලේ, මාබේරිතැන්න, මිරහාවත්ත, මාගස්තොට, බණ්ඩාරවෙල, කොටබෝව, බිබිල, උමාඔය, වැල්ලවාය, බඩල්කුඹුර, අම්පිටිය, තැන්නේකුඹුර, පේරාදෙණිය, මුරුතලාව, බෝගම්බර, අස්ගිරිය, ගලගෙදර, නාවලපිටිය, පුස්සැල්ලෑව, ගලහ, කටුගස්තොට, වීරවිල, කතරගම, තංගල්ල, හම්බන්තොට සහ අනෙකුත් ප්‍රදේශයන්හි හදිසි ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා යොදවනු ලැබීය.

එමෙන්ම, දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත ගුවන් සංග්‍රාමික බලසේනාව සහ 533 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඇඹිලිපිටිය, මාතර, පුහුල්වැල්ල, බණ්ඩාරවෙල නගරය, කහගොල්ල, දියතලාව, හපුතලේ, වැල්ලවාය, කොටවෙහෙරගල, මාතලේ, අකුරණ, කටුගස්තොට, මාරපන, වත්තේගම සහ අනෙකුත් ප්‍රදේශයන්හි මුර සංචාර, ස්ථානීය මුර මාර්ග බාධක සහ ජංගම මුර සංචාර සඳහා මුල්ලතිව් හමුදා භට පිරිස් යොදවා ඇත. Best jordan Sneakers | Men's Footwear