Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2019 11:36:55 Hours

‘ත්‍රිපිටකාභිවන්දනා’ උත්තරීතර පිංකමේ ප්‍රධාන උත්සවය සඳහා සහභාගීවූ භික්ෂූන් වහන්සේලාට යුද්ධ හමුදා සාමාජිකයින් ‘ගිලන්පස’ පිළිගන්වයි

‘ත්‍රිපිටකය’ ලෝක උරුමයක් ලෙසට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමේ මහා පිංකමේ ප්‍රධාන උත්සවය ශ්‍රි දළඳා මාලිගා පරිශ්‍රයේදි සෙනසුරාදා (23) දින පැවත් වූ අතර එම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම උතුම් පිංකමේදි ‘ත්‍රිපිටකය’ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ යෝජනාව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක හනා සිංගර් මහත්මිය (Ms Hanaa Singer) ඉදිරියේදි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේ වෙත නිල වශයෙන් භාරදෙන ලදි. මෙම පිංකම සඳහා ප්‍රධාන ආගමික පූජකයින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා, අග්‍රාමාත්‍ය තුමන්, අමාත්‍යවරුන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ පැවති මෙම උතුම් පුණෝත්සවය සඳහා සහභාගීවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 4000 කට අධික ප්‍රමාණයකට 11 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ‘ගිලන්පස’ පිළිගැන්විය.

මෙම උතුම් පිංකම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපතිතුමන්, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද ශිල්වා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී. ජේ. නානායක්කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්විය. affiliate link trace | NIKE