Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2019 18:04:13 Hours

පකිස්තානු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට සහභාගීවීමට දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ තුන්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, සිකුරාදා (22) දින මධ්‍යහනයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර මෙම සුහද හමුව සඳහා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජය මුණසිංහ සහ කොළඹ පිහිටි පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් සහභාගී වූහ.

මෙම නියෝජිත පිරිසට පකිස්තානු යුද්ධ හමුදාවේ නියෝජ්‍ය ශල්‍ය වෛද්‍ය ජෙනරාල් මේජර් ජෙනරාල් සයිඩ් අමාර් රාසා (Major General Syed Ammar Raza), පකිස්තානු යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මේජර් ජෙනරාල් ෂෙලා බාකි (Major General Shehla Baqai) සහ බ්‍රිගේඩියර් ශසියා සාවර් (Brigadier Shazia Sarwar) ඇතුලත් විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවති මෙම සුහද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ තුන්දින වැඩමුළුව මෙවර අත්තිඩිය ගුවන් හමුදා හෝටලයේ දී පැවැත්වීමට නියමිත අතර වැඩමුළුව සඳහා නියෝජිත පිරිසට ආරාධනා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.

සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය. Sports Shoes | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5