Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2019 09:45:49 Hours

කොළඹ සහ අනුරාධපුර යුද්ධ හමුදා රෝහල් වෙත ශරීර සංයුතිය විශ්ලේෂණය කිරිම සඳහා නවීන යන්ත්‍ර 02 ක්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ සංකල්පයක් මත සහ වෛද්‍ය උපදේශක බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධනගේ සෘජු අධීක්ෂණය යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘතියක් වන ‘සෞඛ්‍ය සම්පන්න යුද්ධ හමුදාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක්’ යන වැඩසටහනේ තවත් එක් සන්දිස්ථානයක් ලෙස කොළඹ සහ අනුරාධපුර පිහිටි යුද්ධ හමුදා රෝහල් වෙත ඉහළ ධාරිතාවයකින් යුතු ජංගම සහ ශරීර සංයුති විශ්ලේෂක යන්ත්‍ර 02 ක් ප්‍රධානය කිරිමේ අවස්ථාවක් පසුගිය සදුදා (11) දින කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.

පසුගිය වසර 3 - 4 තුළ ‘සෞඛ්‍ය සම්පන්න යුද්ධ හමුදාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක්’ යන වැඩ සටහන හරහා යුද්ධ හමුදාවේ සේවය කරන හමුදා සාමාජිකයින්ගේ බෝ නොවන රෝග නිවාරණය කිරිමේ අරමුණින් වැඩමුළු, දේශන, සැසි, ආහාර සැකසීමේ දී පෝෂක කොටස් ඉවත යෑම වැළැක්වීමේ ක්‍රම, ලිංගික ක්‍රියා, ශරීර නඩත්තුව සහ ශාරීරික පුහුණුවීම් ආදිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්වු අතර මේ වන විට විශේෂඥ කණ්ඩායම විසින් සියළුම යුද්ධ හමුදා කඳවුරු ආවරණය කරමින් මෙම දේශන පැවැත්වීමට සමත්ව ඇත.

මෙම නව විශ්ලේෂක යන්ත්‍ර 02 යුද්ධ හමුදාධිපතිතුමාගේ විශේෂ අනුමැතියකින් පරිත්‍යාග කර ඇති අතර මෙමගින් රෝගීන්ගේ ශරීර සංයුතිය නිරික්‍ෂණය කිරිම් තුළින් වෛද්‍ය උපදෙස් ලබා දීමට...වශයෙන් උපකාරී වනු ඇත. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් සඳුදා පැවති උත්සවයකදී ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත මෙම යන්ත්‍ර භාරදෙන ලදි.

එම අවස්ථාවට සහභාගී වූ වෛද්‍ය විජේවර්ධන මහත්මිය විසින් සිදු කළ දේශනයේදී, යුද්ධ හමුදා පිරිස් අතරින් බෝනොවන රෝග පිළිබඳව වාර්ථාවීමෙන් මරණ අනුපාතිකය අඩුවු අයුරු සහ ඒ සඳහා ‘සෞඛ්‍ය සම්පන්න යුද්ධ හමුදාවක් සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක්’ වැඩසටහනට දායක වු අයුරු ද පෙන්වා දෙන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජය මුණසිංහ, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච් ජි අයි විද්‍යානන්ද, කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ, අනුරාධපුරය යුද්ධ හමුදා රෝහලේ අණදෙන නිලධාරි, ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායන් හි අණදෙන නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිළයින් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ. Asics footwear | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!