Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2019 17:32:27 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පාකිස්ථානු රජයේ ඉහළම හමුදා සම්මානය වන ‘Nishan-e-Imitiaz’ සම්මානයෙන් පිදුම් ලබයි.

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ඉහළම ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය. පාකිස්ථානයේ අතිගරු ජනාධිපති තුමන් විසින් ඉස්ලාමාබාද් නගරයේදී පැවති විශේෂ උත්සවයකදී බදාදා (13) දින මෙම පදක්කම් ප්‍රධානය සිදු කරන ලදී.

වර්ෂ 1995 දී කරච්චි විශ්ව විද්‍යාලයෙන් යුද අධ්‍යනය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගනිමින්, එහිදි එම උපාධිය ලබාගත් ප්‍රථම ශ්‍රි ලාංකිකයා ලෙසද අද්මිරාල් විජේගුණරත්න ඉතිහාස ගත වී ඇත. අද්මිරාල් විජේගුණරත්න ‘අසමමිතික නාවික සංග්‍රාම’ (Asymmetric Naval Warfare) හා ‘කුඩා යාත්‍රා මෙහෙයුම්’ පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවික කමාන්ඩෝ ඒකකයේ නිර්මාතෘ ද වන්නේය.

පාකිස්ථානයේ ලාහෝර්හි පිහිටි යුද විද්‍යාලයෙහි නිත්‍ය කතිකාචාර්ය වරයෙකුද වන අද්මිරාල් විජේගුණරත්න ‘යුදබිමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්’ හා ‘අසමමිතික නාවික මෙහෙයුම්’ පිළිබඳව සිය අත්දැකිම් පදනම් කරගනිමින් දේශන පවත්වනු ලබයි. නාවික හමුදාධිපති ධූරය දරණ සමයේදී මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වර්තමානයේදී දෙරටේ හමුදාමය සම්බන්ධතාවයන් වර්ධනය කිරීමෙහිලා ඔහු විසින් සිදුකරන කාර්යභාරය පාකිස්ථානු රජයේ ඉහළ ඇගයීමට ලක්ව ඇත. එහි ප්‍රථිඵලයක් ලෙස 2018 වසරේදී දෙරටේ හමුදාවන් අතර කලාපීය ආරක්ෂාව පිළිබඳ පැවති සාකච්ඡාවන් දැක්විය හැකිය

‘Nishan-i-Imtiaz’ නමින් හැදින්වෙන පදක්කම එරට සිවිල් පුද්ගලයෙකු විසින් අත්කර ගන්නා සුවිශේෂී ජයග්‍රහණ හෝ රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකිරිම හේතුවෙන් එරට සිවිල් පුද්ගලයකු හට පිරිනමනු ලබන ඉහළම ඇගයිම් සම්මානය වේ. එමෙන්ම මෙම සම්මානය එරට සිවිල් පුද්ගලයින්ට පමණක් සීමානොවන අතර විශිෂ්ඨ දක්ෂතා දක්වන හෝ විශිෂ්ඨ සේවයක් සිදුකරන හමුදා සාමාජිකයින්ට පවා පිරිනමනු ලබයි.

මෙය පාකිස්ථානු ජාතිකයෙකුට ලැබිය හැකි ඉහළම පදක්කම වන අතර, එහි ඉහළතම පදක්කම වන ‘Nishan-e-Imtiaz’ නමැති පදක්කම, පාකිස්ථානු රජය විසින් පිරිනමනු ලබන්නේ විදේශීය රටවල රාජ්‍ය ප්‍රධානීන් හට පමණි.

හමුදාවන් සම්බන්ධයෙන් සැලකීමේදී, විශිෂ්ඨ හමුදා සේවයකට හිමිකම් කියන යුද්ධ හමුදාවේ ජෙනරාල්වරයෙකුට, නාවික හමුදාවේ අද්මිරාල්වරයෙකුට හෝ ගුවන් හමුදාවේ එයාර් චීෆ් මාර්ෂල්වරයෙකුට මෙම ඉහළම සම්මානය පුදකරනු ලබයි. එමෙන්ම ප්‍රශංසනීය හමුදා සේවයකට හිමිකම් කියන ජෙනරාල් (යුද්ධ හමුදා), අද්මිරාල් (නාවික හමුදාව, වෙරළාරක්‍ෂක හෝ මැරීන් බලකාය) සහ එයාර් චීෆ් මාර්ෂල් (ගුවන් හමුදාව) යන නිළයන් සඳහා ද පිරිනමනු ඇත.

අතිශයින්ම සීමිත හා ගෞරවාන්විත සම්මානයක් වන මෙම ‘Nishan-e-Imtiaz’ නමැති සම්මානය ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රදානය කරනු ලබන ‘Presidential Medal of Freedom’ සහ මහා බ්‍රිතාන්‍යය විසින් පිරිනමනු ලබන ‘Order of British Empire’ යන පදක්කම් වලට දළ වශයෙන් සමානත්වයක් උසුලයි. Sportswear free shipping | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival