Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2019 10:43:14 Hours

‘එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

71 වන නිදහස් දින සැමරුමට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යෝජනා කරන ලද සංකල්පයක් වන ‘එකට සිටිමු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය, එචලන් චතුරස්‍ර පරිශ්‍රයේ දී අඟහරුවාදා (12) දින ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මාධ්‍ය ඒකකය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස, සෞන්දර්යාත්මක සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් කෙරුණු වැඩසටහනකින් ආරම්භ විය.

ජාතික සමගිය, සංහිඳියාව හා වාර්ගික ගරුත්වය හා අනෝන්‍ය ගෞරවය පිළිබඳ අවබෝධය ඉස්මතු කිරිම සඳහා සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ ආරාධිතයන් රැසක් සමඟින් සහභාගි විය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම ජාතික ව්‍යාපෘතිය සියළුම දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරිමට නියමිත අතර මේ යටතේ ජාතික සමඟිය පිළිබඳ පණිවිඩය, සමෘද්ධිය සහ පැවැත්ම සඳහා සමඟියේ ඇති වැදගත්කම යන පණිවිඩය රැගෙන යාම සඳහා හමුදාවේ පුර්ණ සහය ලබාදීමට යුද්ධ හමුදාධිපතිතුමා විසින් උපදෙස් ලබාදී ඇත. මෙම උත්සවය නිළ වශයෙන් ආරම්භ කිරිම සඳහා ප්‍රවීන මෝටර් රථ ධාවන ශූරයකු වන ඩිලන්ත මාලගමුව මහතා විසින් ‘එකට සිටිමු’ තේමාව රැගත් සංදේශය අතිගරු ජනාධිපතිතුමා වෙත ප්‍රධානය කළ අතර එසේම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘එකට සිටිමු’ ව්‍යාපෘතියේ අන්තර්ගතය පිළිබඳ උපදෙස් අඩංගු ‘ ටැබ්’ යන්ත්‍රය එතුමන් වෙත ප්‍රධානය කරන ලද අතර මෙමගින් සංකේතාත්මක ලෙස ‘එකට සිටිමු’ ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් විය. තවද මෙම අවස්ථාව වර්ණවත් කරමින් යුද්ධ හමුදා අංගම්පොර කණ්ඩායමේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද අංගම්පොර සටන් ශිල්පීය ප්‍රදර්ශනයද විශේෂයෙන් රැස්ව සිටි පිරිසගේ අවධානයට ලක් විය.

මෙම අවස්ථාවට නව මානයක් එකතු කරමින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන් විසින් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, ජාත්‍යන්තර කීර්තිය දිනාගත් ශ්‍රි ලාංකික කායවර්ධන ක්‍රීඩකයකු වන ලුෂන් පුෂ්පරාජ්, මෙත්තානන්ද රූබසිංහ සහ නාමනාදන් රාමරාජ් මහත්වරුන් වෙත ඔවුන්ගේ විශිෂ්ටත්වය හා වීරත්වය තුළින් රටට ගෙනා කීර්තිය ඇගයීමකට ලක් කරමින් සම්මාන ප්‍රදානයක්ද සිදු කරන ලදි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතිෆ් මහතා, ප්‍රවීන කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම සමාරම්භක අවස්ථාව සඳහා සහභාගි වුහ. jordan release date | Women's Designer Sneakers - Luxury Shopping