Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2019 16:42:50 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුභපැතුම්

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් සදුදා (11) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙලෙස නව උසස්වීම් ලැබු නිළධාරීන් වන, බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න හා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්තී ජයතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් එම නිලධාරීන් වෙත සිය උණුසුම් සුභපැතුම් එක් කරන ලදී.

එම සුහද සාකච්ඡාවෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් සමග සමුහ ජායාරූපයකට ද පෙනිසිටින ලදි. Nike shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ