Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2019 12:52:45 Hours

ගම්පහ දිස්ත්‍රික්කයේ හදිසියේ ඇතිවූ සුළි කුණාටු තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහය

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ ඇති ග්‍රාමසේවා වසම් 10 ක් පුරා පසුගිය අගහරුවාදා (5) දින ප.ව 3.45 ට පමණ හදිසියේ ඇතිවූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 83 ක සාමාජිකයින් 242 කට වැඩි සංඛ්‍යාවක් පිඩාවට පත්වූ අතර එහිදි ඔවුන්ගේ නිවාස සහ දේපලවලට හානි සිදුවිය.

මේ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ‍සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.කේ ජයවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ පීඩාවටපත් ප්‍රදේශවලට සහන සැපයීම සහ හදිසි ආධාර ලබාදීම සදහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවන ලදි.

ඒ අනුව, 141 බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 141 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 22 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී නිවෙස්වල වහලයන් අලුත් වැඩියා කිරීම, වැටි ඇති ගස් කපා ඉවත් කිරිම වැනි සහන කටයුතු සඳහා සිවිල් වැසියන්ට සහයෝගය ලබාදුන්හ.Running sneakers | Air Jordan