Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2019 16:10:25 Hours

විශ්‍රාමයාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් දෙදෙනෙකු හට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභාශිංසන

වසර 22 ක සේවා කාලය සාර්ථකව අවසන් කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් දෙදෙනෙකු බදාදා (6) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර, එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කැපවීමෙන් යුතුව ඔවුන් කළ සේවය ඇගයුමකට ලක් කරමින් ‘ප්‍රණාම සහතික’ (උපහාර සහතිකයක්) ප්‍රදානය කරන ලදී.

මෙම සාකච්ඡාව අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඔවුන් රාජකාරි කරන කාලය අතරතුරදී මුහුණ දුන් ගැටළු, අභියෝගයන් සහ අත්විඳින ලද අත්දැකීම් පිළිබඳව අදහස් විමසා සිටින ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් සංකේතාත්මකව සහතිකපත් ප්‍රදානය කරන ලදි.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති මෙම අවස්ථාව සඳහා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා සහ යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ද සහභාගි වූහ.jordan Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov