Header

Sri Lanka Army

Defender of the Nation

22nd January 2019 20:44:29 Hours

යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 39.75 ක් නිදහස් කෙරේ

යුද්ධ හමුදාව විසින් ලබා දී ඇති පොරොන්දු ඉටු කරමින් නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලෙකාඩු ප්‍රදේශයේ යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් අක්කර 39.75 ක් සිකුරාදා (18) දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී නිදහස් කරන ලදී. ඒ අනුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් මෙලෙස නිදහස් කරන ඉඩම් සඳහා වූ නිල ලේඛණ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා, නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඩී. එම්. සරත් අබේගුණවර්ධන මහතා සහ දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් මත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීමෙන් නැගෙනහිර පළාතේ ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි යුද්ධ හමුදාව භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ මෙම උත්සවය උතුරේ හා නැගෙනහිර සංවර්ධන කටයුතු සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව පැවැත්විණි.Asics shoes | Jordan Shoes Sale UK