Header

Sri Lanka Army

Defender of the Nation

22nd January 2019 22:56:51 Hours

ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ නව සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා විවෘත කෙරේ

හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු සුභසාධන ව්‍යාපෘති කිහිපයක් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අඟහරුවාදා (22) දින විවෘත කරන ලදී.

53 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි සහ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බණ්ඩාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරීනමන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත 53 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හඳුන්වාදෙන ලදී.

53 වන සේනාංකයේ සිදු කල මෙම සංචාරය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. අනතුරුව, සේනාංක මූලස්ථානයේ රුපියල් මිලියන 15.3 ක මුදලක් වැයකරමින් 3 වන ඉංජිනේරු සේවා බලකායේ සහ 53 වන සේනාංකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය ඇතිව ඉතා කෙටි කාලයක් තුල සියලු පහසුකම් සහිතව නවතමයෙන් ඉදිකරනු ලැබු නිලධාරී නිවාස සංකීර්ණය මෙම උත්සවයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පීත්ත පටිය කපා විවෘත කළහ.

ඉන් අනතුරුව, රුපියල් මිලියන 7.9 ක වියදමින් 3 වන ඉංජිනේරු සේවා බලකායේ සහ 53 වන සේනාංකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබු සියලු නිල ගෘහස්ථ ක්‍රීඩාගාරයේ සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී. ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් නවතමයෙන් ඉදිකරනු ලැබූ සියලුනිල ගෘහස්ථ ක්‍රීඩාගාරය නිරීක්‍ෂණය කළහ. තවද මෙම අවස්ථාවේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින්ට පාපන්දු පුහුණු කිරීමේ අරමුණින් 53 වන සේනාංක පරිශ්‍රයේ රුපියල් ලක්‍ෂ 6 ක වියදමින් නවතමයෙන් ඉදිකරනු ලැබු පාපන්දු ක්‍රීඩාංගනය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

මෙහිදි 53 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෘත්තියේ අභිමානය හා සියලුමදෙනාගේ ස්වයං විනය පවත්වාගැනීම පිළිබඳව ද අවධාරණය කල අතර සමුහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව උත්සව කටයුතු අවසන් විය.Nike air jordan Sneakers | 『アディダス』に分類された記事一覧