Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2018 14:43:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරීන් හා යුද්ධ හමුදාධිපති අතර සුහද හමුවක්

නුදුරේදී පුහුණුව අවසන්කර විසිර යෑමට නියමිත පාඨමාලා අංක 85, 86, 86 B සහ කාන්තා පාඨමාලා අංක 16, ස්වේච්ඡා පාඨමාලා අංක 58 හා ස්වේච්ඡා කාන්තා පාඨමාලා අංක 15 ට අයත් කෙඩෙට් නිලධාරීන්, නිලධාරිනියන් හා එක් මාලදිවයින් කෙඩෙට් නිලධාරියෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය සිකුරාදා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති තුමන් හමුවන ලදී.

මෙම හමුව තුලදී කෙඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් යුද්ධ හමුදාපතිතුමන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර එලබෙන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත කෙඩෙට් නිලධාරී විසිරයාමේ පෙළපාලියට ප්‍රථම ඉදිරිපත් කිරීමට නියමිත අවසන් ඉදිරිපත් කිරීම වන ‘සාම්ප්‍රදායික නොවන තර්ජන සහ අභියෝගයන් හමුවේ ශ්‍රී ලංකාවේ තිරසාර සාමය පවත්වාගෙනයාම’ යන තේමාව යටතේ යුද්ධ හමුදාවේ කාර්යභාර්ය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් අදහස් විමසන ලදි.

එම සාකච්ඡාව තුලදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වැඩිදුරටත් යුද්ධ හමුදාවේ කාර්යභාරය හා එහි භාරදූර කටයුතු පිළිබඳව පැහැදිලි කරණ ලද අතර සාම්ප්‍රදායික නොවන ගැටළු හමුවේ නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඉදිරියට ඇතිවිය හැකි තර්ජනයන් මඟහරවා ගැනිම සඳහා යුද්ධ හමුදාව තුල පවතින සුදානම පිළිබඳව කෙඩෙට් නිලධාරීන් දැනුවත් කරන ලදි. එසේම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අනාගතයේදී සිදුවිය හැකි සයිබර් ප්‍රහාරයන් පිළිබඳව දැනුවත් කරන ලද අතර ඒවා පිටු දැකීම සඳහා ක්‍රමවේදයන් සොයාගැනීමට කටයුතු කලයුතු බැව් දැනුවත් කරන ලදී.

මෙම හමුව සදහා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරී අංශයේ අණදෙන නිලධාරි කර්නල් අජිත් වික්‍රමසේකර, ‘බලන’ කණ්ඩායමේ නිලධාරී අණදෙන මේජර් සංජය නන්දියසේන, පාඨමාලා අංක 86 B හි පාඨමාලාභාර නිලධාරි කපිතන් ලහිරු සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා කනිෂ්ඨ නිලධාරීන්ද කෙඩෙට් නිලධාරීන් සමග සහභාගි වන ලදී. Nike air jordan Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta