Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2018 20:57:00 Hours

පකිස්තාන් යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී නොවැම්බර් මස 28 සහා 29 යන දෙදින තුල පවත්වනු ලබන සයිබර් ආරක්‍ෂණ - ‘Wave’ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය සදහා දිවයිනට පැමිණි පාකිස්තාන යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් හෆීස් උර් රෙහෙමාන් යුද්ධ හමුදා මූලස්ථානයේදි අඟහරුවාදා (27) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි, පාකිස්තාන යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ යුද්ධ හමුදාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි සංඥා ක්ෂේත්‍රයට අදාල තාක්‍ෂණික නව නිපැයුම් පිලිබඳව අදහස් හුවමාරු කරගත් අතර මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා පාකිස්තාන යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමග යුද්ධ හමුදා මූලස්ථානයේදි පැවැත් වු මෙම සාකච්ඡාව සදහා යුධ සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටි ආරච්චි, පාකිස්තානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි කර්නල් සජාඩ් අලි සහ තවත් නිලධාරින් දෙදෙනෙකු සහාභාගි විය. Sports News | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp