Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2018 21:29:17 Hours

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (25) දින සන්ධ්‍යාවේ බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන වැඩසටහනක් සඳහා දිවයිනට පැමිණියහ.

මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැදී සිටින දින දහයක කාලය තුලදී යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට නියමිත අතර ලක්‍ෂමන් කදිරගාමන් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායන් පිලිබඳ අධ්‍යයන ආයතනය, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය, බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ‍ඵෙතිහාසික, සංස්කෘතික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතය.

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක (නාවික හමුදා) කපිතන් අබ්දුල්ලා අල් මැක්සස් (Captain Abdullah Al-Maksus) ගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම නියෝජිත පිරිස බංගලාදේශ සහ නේපාලයේ සන්නද්ධ හමුදා ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත වේ.Asics footwear | Air Jordan