Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2018 10:54:44 Hours

54 වන සේනාංකයේ භට පිරිස් වන්නි ප්‍රදේශයේ රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.එච්.ඒ.එස්. බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ වවුනියාව ප්‍රදේශයේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් එම සේනාක මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.

මානූෂීය අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 145 කට අධික පිරිසක් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා දායක වී ඇති අතර, මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා වවුනියාව රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූ අතර වැඩසටහන සඳහා සහභාගි වු වෛද්‍ය කණ්ඩායමට අවශ්‍ය පහසුකම් 54 වන සේනාංක මූලස්ථානයේ විසින් සපයනු ලැබීය. trace affiliate link | UOMO, SCARPE