Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2018 11:28:52 Hours

තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

යාපනය භද්ධමෙනි විනයාගර් පෙර පාසලේ ළමුන් 29 දෙනෙක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමව්පියන් 19 දෙනෙකු හට පාලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සපයනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත මෙම සංචාරය සංවිධානය කරනු ලැබු අතර පලාලි ගුවන් තොටුපල වෙත සපැමිණි පෙර පාසල් සිසුන් ඇතුළු පිරිස එහිදි යුද්ධ හමුදා නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබීය. ගුවන් තොටුපල නැරඹීමෙන් අනතුරුව පෙර පාසල් සිසුන්ට මෙම සංචාරයේ දී ගුවන් යානාවක් තුලට නැග නැරඹීමට ද අවස්ථාව හිමිවිය. Adidas shoes | Yeezy Boost 350 Trainers