Header

Sri Lanka Army

Defender of the Nation

19th October 2018 11:31:42 Hours

මානසික සෞඛ්‍ය පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘මානසික පීඩනය අවම කරගැනීම සහ සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩමුළුක් ඔක්තෝම්බර් මස 16 දින සිට 18 දින දක්වා පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත පැවැති මෙම වැඩමුළුව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය, ඉදිරි නඩත්තු පෙදෙස -කිලිනොච්චි සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු සේනාංකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 63 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 1036 ක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ දේශකයින් සහ වැලිපිටිය, අකුරැස්ස සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දේශකවරුන්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබීය. Best jordan Sneakers | Air Jordan