16th October 2018 16:00:00 Hours
මානසික සෞඛ්‍ය සහ සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම පිළිබඳ 61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්න ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබු දේශන සැසියක් අඟහරුවාදා (16) දින වවුනියාවේ පිහිටි 61 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා මූලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් පැවැත්වූ මෙම දේශනය සඳහා 611 වන බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරින් 25 ක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් සහභාගි වූ අතර මෙම දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ උපදේශකවරුන් කිහිපදෙනෙකු විසින් මෙහෙයවනු ලැබීය.Buy Kicks | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival