17th October 2018 13:24:09 Hours
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වවුනියාව කාර්යාලයේ ප්‍රධානි මාක් සුපා මහතා (Mr Marc Soupa) අඟහරුවාදා (16) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
මෙම සුහද හමුවේදී වවුනියාව ජාත්‍යන්තර රතුකුරුස සංගම් කාර්යාලයේ කාර්යභාරය හා වගකීම් පිළිබඳව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළ අතර එය එම ප්‍රදේශයට උපකාරිවන ආකාරය පිළිබඳව ද පෙන්වාදෙනු ලැබීය. එමෙන්ම, යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතින් සහ අනෙකුත් සංහිඳියා ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැහැදිලි කළහ.
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්මයාමට පෙර එම නියෝජිතයා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීය. best Running shoes brand | Sneakers Nike