16th October 2018 13:03:10 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 සේනාංකයට අයත් 572 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විවිධ ශාරීරික දුෂ්කරතාවයන්ට පත්ව සිටින අසරණ පුද්ගලයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තොට්ටාඩි ප්‍රදේශයේ තාවකාලික නිවසක් ඉදිකරදෙනු ලැබීය.
6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි හට එම ආබාධිත පුද්ගලයා සිය රෝගී තත්ත්වය හා ඒ හේතුවෙන් පීඩාවට පත්වී ඇති සිය පවුලේ සාමාජිකයින්ට අත්වී ඇති ඉරණම පිළිබඳව පැහැදිලි කිරීමෙන් පසුව 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව යුද්ධ හමුදාව සතු අමුද්‍රව්‍ය ද උපයෝගි කරගනිමින් ඔවුන් හට තාවකාලික නව නිවසක් ඉදිකරදෙනු ලැබීය. Running sports | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ