16th October 2018 15:27:00 Hours
වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද පාගොඩ නව චෛත්‍ය රාජ්‍යයන් වහන්සේ තුල තැන්පත් කිරීමට නියමිත ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ උත්සවයක් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (13) දින පැවැත්විණි.
1942 දී විවෘත කරන ලද මෙම විහාරස්ථානයේ වැඩවාසය කළ දෙල්විට මෙත්තාලංකාර ස්වාමින් වහන්සේ හට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින්ගෙන් එල්ල වු නොයෙකුත් අභියෝග හමුවේ කුරීරු යුද්ධය පැවති අවධියේදී උන්වහන්සේ දිවි ගලවාගනු ලැබීය. පාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මේජර් ජෙනරාල් පනන්වල සහ කැලණිය සද්ධාතිස්ස යන මහත්වරුන්ගේ දායකත්වයෙන් ඔවුනගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පැමිණ සිටි බැතීමතුන්ගේ සහභාගිත්වයෙන් එළඹ තිබු සුභ මොහොතින් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශණය කිරීම ආරම්භ විය. භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමකට අනුව මෙම උත්සවය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලැබීය.
මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කරමින් උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කල අතර උතුම් ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහ පොලිස් සාමාජිකයින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.
23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක, නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් මිඡෙල් වන්නිආරච්චි, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් චමින්ද විජේරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනනෙකු මෙම උත්සවය සඳහා සහභාගි වූහ. best Running shoes brand | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger