14th October 2018 20:00:56 Hours
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ඔක්තෝම්බර් මස 6 දින සිට 13 දින දක්වා පැවති තුන්වන ආසියානු පැරා ඔලිම්පික් මළල ක්‍රීඩා තරඟාවලියේ දී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් හිමිකරගත් යුද්ධ හමුදාව නියෝජනය කළ ජයග්‍රහකයින් ඇතුළු ශ්‍රී ලංකා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉරිදා (14) දින කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියහ.
ශ්‍රි ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල අමිල ප්‍රසන්න වර්ණකුලසූරිය මීටර් 100 සහ මීටර් 200 ඉසව්වන්ගෙන් (පිරිමි තරඟ) රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත්විය. එමෙන්ම, කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් චරිත් නිර්මාල් බුද්ධික දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් (විශ්‍රාමික) විසින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට සමත්විය.
තවද, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් උපුල් ඉන්දික චූලදාස (මීටර් 100 සහ මීටර් 200 ඉසව්ව), විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් සම්පත් චමින්ද හෙට්ටිආරච්චි (විශ්‍රාමික) (හෙල්ල විසිකිරීම), ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබළ පාලිත බණ්ඩාර (යගුලිය විසිකිරීම) සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබළ නුවන් ඉන්දික (විශ්‍රාමික) (දුර පැනීම) යන ක්‍රීඩකයින් එහිදි රිදී පදක්කම් දිනාගැනීමට සමත්විය.
කෝප්‍රල් චරිත් නිර්මාල් බුද්ධික, කෝප්‍රල් සුරේෂ් රණවීර, බොම්බඩියර් රංජන් ධර්මසේන, සාමාන්‍ය සෙබළ සුරංග කීර්ති බණ්ඩාර සහ සාමාන්‍ය සෙබළ ලාල් පුෂ්පකුමාර යන ක්‍රීඩකයින් එම තරඟාවලියේ දී ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.latest jordans | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092