16th October 2018 18:46:15 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය විසින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 11 දෙනෙකු වෙත කිලිනොච්චි උපයෝගිතා සංකීර්ණයේ දී තොරතුරු තාක්‍ෂණ පුහුණුවක් ලබාදෙනු ලැබීය.
ඒ අනුව, සැප්තැම්බර් මස 6 වන දින සිට පුරා දින 35 ක කාලයක් පැවැති මෙම පුහුණු පාඨමාලාව සිකුරාදා (12) දින අවසන් වූ අතර 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ප්‍රධානත්වයෙන් පාඨමාලාව අවසානයේ සහතිකපත් ප්‍රදානෝත්සවය පැවැත්විණි.
මෙම පාඨමාලාව විශ්වමඩු සිවිල් ආරක්‍ෂක බලකායේ ඉල්ලීමකට අනුව 11 වන සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.එන්.පී.ටී. මනතුංග විසින් මෙහෙයවනු ලැබීය.
සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා 571 වන බලසේනාවේ බලසේනධිපති, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, විශ්වමඩු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් එම්.ජි.ඒ. මලල්දෙණිය ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ. Nike shoes | jordan Release Dates