15th October 2018 15:48:10 Hours
උරනී, කන්කසන්තුරේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිහිටි Parish House ගොඩනැගිල්ල යුද්ධ හමුදාව විසින් ඉදිකිරීමේන් අනතුරුව ඉරිදා (14) දින පැවැති උත්සවයකින් එහි පූජකතුමන් වෙත භාරදෙනු ලැබීය.
ජර්මනියේ පිහිටි ‘Church in Need’ දේවස්ථානයේ පූජ්‍ය ටී.ඊ. දේවරාජන් ගේ මූල්‍යමය අනුග්‍රහකත්වය ඇතිව ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් බ්‍රිගේඩියර් අජිත් ඇල්වත්ත විසින් ඉරිදා (14) දින නවතමයෙන් ඉදිකරනු ලැබු Parish House ගොඩනැගිල්ල පීත්ත පටිය කපා විවෘත කරනු ලැබීය. මෙම උත්සවයේ දී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳ ඇගයුමට ලක් කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත දේවස්ථානයේ සාමාජිකයින් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා දේවස්ථානයේ සාමාජිකයින්, සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව සිටියහ. jordan Sneakers | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth