03rd October 2018 21:10:05 Hours
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවැති යුධ උපක්‍රම පාඨමාලා අංක 07 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවය අඟහරුවාදා (02) දින පැවැත්විණි.
පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 29 දෙනෙකු වෙත සහතිකපත් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගි වූහ.
මෙම අවස්ථාව සඳහා පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකයින්, අංශ ප්‍රධානින් සහ පාඨමාලා භාර නිලධාරින් සහභාගි වූ අතර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් සියලුදෙනා අමතමින් සුභපැතුම් ද පිරිනැමීය.
පාඨමාලාවේ පලමු, දෙවන සහ තෙවන ස්ථානයන් හිමකරගත් යුද්ධ හමුදා සාමාජිකයින් පහතින් දැක්වේ.
කෝප්‍රල් කේ.ඩී.ඩබ්ලිව්. සිල්වා - 1 වන විශේෂ බලකාය
සැරයන් යු.බි.සී. දිසානායක - 10 වන ගජබා රෙජිමේන්තුව
ලාන්ස් කෝප්‍රල් එන්.එම්.සී.එස්.ඒ. නවරත්න - 2 වන විශේෂ බලකායspy offers | adidas garwen spezial white shoes - New In Shoes for Men