03rd October 2018 21:35:05 Hours
මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා ‘නායකත්වය හා කළමනාකරණය’ පිළිබඳ වැඩමුළුවක් සඳුදා (01) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.
මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම දේශනය වරලත් ගණකාධිකාරීවරයෙකු සහ කළමනාකරණ වෘත්තිකයෙකු වන මොහොමඩ් ෆර්ෂුහා මාර්ලින් ෂහීඩ් මහතා (Mr Mohomad Farzuha Marlin Shahid) විසින් මෙහෙයවිය.
මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ.Nike Sneakers Store | Zapatillas de running Nike - Mujer